Saturday, October 13, 2012

තමන් කරනා පව් ගොනු පසුපස එන රිය සක මෙන් තමන් පසුපස පැමිණේ.
මනෝමයා
මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති – චක්කං‘ව වහතෝ පදං ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදය වගෙයි.

(ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.02.
මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති – ඡායා’ව අනපායිනී

ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගේ පස්සෙන්ම එනවා. තමාව අත්නොහරින හෙවනැල්ලක් වගෙයි.

(ජේතවනාරාමයේදී මට්ටකුණ්ඩලී දිව්‍ය පුත‍්‍රයා අරභයා වදාළ ගාථාවකි ෴)

01.03.
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති

“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳිල ගියොත්, ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නෑ.

(ජේතවනාරාමයේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.04.
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති – වේරං තේසූපසම්මති

“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා නොසිතා, යම් කෙනෙක් ක්‍රෝධයක් ඇතිකරගන්නෙ නැත්නම්, ඒ උදවියගේ වෛරය සංසිඳිලා යනවා.

(ජේතවනාරාමයේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.05.
න හි වේරේන වේරානි – සම්මන්තී’ධ කුදාචනං
අවේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ

මේ ලෝකයේ කවරදාවත් වෛර කිරීමෙන් නම් වෛරය සංසිඳෙන්නේ නෑ. වෛර නොකිරීමෙන් මයි වෛරය සංසිඳෙන්නේ. මේක මේ ලෝකයේ තිබෙන සනාතන ධර්මයක්.

(ජේතවනාරාමයේදී කාළි යක්ෂණිය අරභයා වදාළ ගාථාවකි ෴)

01.06.
පරේ ච න විජානන්ති – මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති – තතෝ සම්මන්ති මේධගා

“මේ විදිහට කෝළාහල කරගන්ට ගියොත්, අපිමයි විනාශ වෙන්නේ කියල” මේ කෝළාහල කරන උදවිය දන්නෙ නෑ. නමුත් මේ කෝළාහල වලින් වැනසෙන්නෙ අපිමයි කියල යම් කෙනෙක් දන්නවා නම්, ඒ තුළින්මයි කෝළාහල සංසිඳෙන්නේ.

(කොසැඹෑ නුවරදී කළහකාරී භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.07.
සුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු අසංවුතං
භෝජනම්හි අමත්තඤ්ඤුං – කුසීතං හීනවීරියං
තං වේ පසහති මාරෝ – වාතෝ රුක්ඛං’ව දුබ්බලං

තමාව ඇවිස්සෙන විදිහට අරමුණු ශුභ වශයෙන්ම බල බලා ඉන්ට ගියොත්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් අසංවර කරගත්තොත්, දන් වැළඳීමේ අර්ථය පවා දන්නෙ නැත්නම්, ඔහු කුසීත වූ, හීන වීරිය ඇති කෙනෙක්. ඔහු මාරයාට යටවෙන්නේ මහා සුළඟකින් කඩාගෙන වැටෙන දුර්වල ගහක් වගේ.

(සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.08.
අසුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි ච මත්තඤ්ඤුං – සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහති මාරෝ – වාතෝ සේලං’ව පබ්බතං

රාගය දුරුවෙලා යන විදිහට අශුභ දෙය අශුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් සංවර කරගෙන නම්, දන් වැළඳීමේ අර්ථය දන්නවා නම්, ඔහු ශ‍්‍රද්ධාවන්ත කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, පටන්ගත් වීරිය ඇති කෙනෙක්. මාරයාට ඔහුව සොළවන්ටවත් බැහැ. කොයි තරම් හුළං හැමුවත් සොළවන්නට බැරි ගල් පර්වතයක් වගෙයි.

(සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

01.09.
අනික්කසාවෝ කාසාවං – යෝ වත්ථං පරිදහෙස්සති
අපේතෝ දමසව්චේන – න සෝ කාසාවමරහති

කවුරු හරි කසාවත පොරවා ගෙන ඉන්නෙ කෙලෙස් කහටත් එක්ක නම්, ඉන්ද්‍රිය දමනයක් නැති, ඇත්ත කතාකිරීමක් නැති ඒ පුද්ගලයා (මේ අරහත් ධජය වූ) කසාවත පොරවන්ට කිසිසේත් සුදුසු නෑ.

(රජගහ නුවරදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)

01.10.
යෝ ච වන්තකසාවස්ස – සීලේසු සුසමාහිතෝ
උපේතෝ දමසච්චේන – ස වේ කාසාවමරහති

කසාවත දරාගෙන ඉන්න කෙනා කෙලෙස් කහට වමනෙ දැම්මා නම්, සිල්වත් නම්, සමාධියකින් යුක්ත නම්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත නම්, ඇත්ත කතාකරන කෙනෙක් නම්, ඇත්තෙන්ම ඔහු තමයි කසාවතට නියම සුදුස්සා.

(රජගහ නුවරදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි ෴)

01.11.
අසාරේ සාරමතිනෝ – සාරේ චාසාරදස්සිනෝ
තේ සාරංFgghමේ ලෝකේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප‍්‍රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිත්‍යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නෑ.

(වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරභයා වදාළ ගාථාවකි ෴)

01.12.
සාරං ච සාරතෝ ඤත්වා – අසාරං ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡඑන්ති – සම්මා සංකප්පගෝචරා

Tuesday, July 10, 2012

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවද ආයෙමත් ආදරෙන්...

දකින හිමිවන හීනේ නුඹ කොතන හිටියා
මතක සැමරුම් අතරේ ජිවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුන...

නුහුරු නුපුරුදු හීන අරන්
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවද ආයෙමත් ආදරෙන්...

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුණා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා...
අප හමුවුවත් නොවුනත්
කාලය ගත වී යනවා
අප තනිවුවත් නොවුනත්
ලොව එකසේ පවතිනවා.......

ලොව මල් පුබුදින්නේ.....

යළි පරවෙන්නට නම්
අප හදවත් එක් වන්නේත්
වෙන් වන්නට නම්
යළි වෙන් වන්නට නම්.......

පෙරුම් පුරා හමු වන්නේත්
දිගු කලකින් නම් හමුවුවත්
යළි සැනෙකින්
වෙන් වී යයි නම්
අප යළි තනි වේ නම්.......

Wednesday, June 29, 2011

සිනා මල්


සිනා මල්  කැකුළු පුබුදා ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලගින් ඉන්න සැමදා මා තුරුළු කරන් ආදරෙන්......ආදරෙන්......

Broken angel


I'm so lonely broken angel
I'm so lonely, listen to my heart

Man dooset daram
Be cheshme man gerye nade
Na nemitoonam
Bedoone to halam bade

I'm so lonely broken angel
I'm so lonely, listen to my heart

One and only broken angel
Come and save me, before I fall apart

To har jaa ke bashi kenaretam
Taa aakharesh divoonatam
To to nemidooni ke joonami
Bargard pisham

I'm so lonely broken angel
I'm so lonely, listen to my heart

One and only broken angel
Come and save me, before I fall apart

Lala lejli Lala lejli lalala lala
Lala lejli Lala lejli lalala lala

I'm so lonely broken angel
I'm so lonely, lïsten to my heart

One and only broken angel
Come and save me, before I fall apart

I'm so lonely broken angel
I'm so lonely, lïsten to my heart
One and only broken angel
Come and save me, before I fall apart

Lala lejli Lala lejli lalala lala
Lala lejli Lala lejli lalala lal